දැනුම කළමනාකරනය

පරිසරය පිරිසිදු කරන නව ක්‍රම

ගෘහස්ථ ඵලදායිතාව

Photo Gallary

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය

මොරටුව ප්‍රාදේශිය ලේකම කාර්යාලය

මධ්‍යම පරිසර අධිකාරිය

මොරටුව නගර සභාව

විදාතා සම්පත් මධ්‍යස්ථානය



දැනුම කළමනාකරන ව්‍යාපෘතිය

ස්ථානය- මොරටුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
අප රට තුල ඵලදයිතාව පිලිබද සංකල්ප ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සංකල්පයක් වන "දැනුම කළමනාකරන ව්‍යාපෘති තුලින් සමාජ සංවර්ධනය" යටතේ දැනුම ලබාදීම, ආකල්ප වෙනස් කිරීම තුලින් තෝරා ගත් ක්ෂේත්‍රයක යහපත් වෙනසක් ඇති කිරීම ක්‍රියාත්මක කරමින් පවති.
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන එක් නියමු ව්‍යාපෘතියක් ලෙස  දැනුම කළමනාකරනය තුලින් නොදිරන කසළ කළමනාකරනය යන තේමාව යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොල්ගොඩ ගඟ ඉවුර දෙපස කසළ බැහැර කිරීම විදිමත් කර ඒ තුලින් ස්වයං රැකියා බිහි කිරීම හා සුන්දර පරිසරයක් ගොඩ නැංවීම හැඳින්විය හැක.

දැනට අවුරුදු 30කට පෙර මෙමෙ ප්‍රදේශය ඉතා සුන්දර විය.ප්ලාස්ටික් භාවිතය අවම වූ අතර එක් පවුලකට තිබූ ඉඩම් ප්‍රමානය වර්තමානය හා සසඳන විට විශාල විය. විවිධ පක්ෂීන්ගේ නාදය සමග දවස අරඹන ගම්වැවිසියන් හට බොල්ගොඩ ගඟ සම්පතක්ම විය. ගඟේ ඔනැම තනකින් ස්නානය කල හැකිව තිබූ අතර ඒ සඳහා විශේෂ තොටුපලවල් විය.මත්ස්‍ය කර්මාන්තයද සාර්තකව සිදු විය. දවස අවසානයේ විඩාබර ගැමියාට මනස නිවන දසුන් මැවුයේද මෙම බොල්ගොඩ ගඟයි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු වර්තමානය වන විට විවිධාකාර වූ සමාජ ගැටළු කිහිපයක් නිර්මාණය වූ ප්‍රදේශයකි.ඒ අතර මත්ද්‍රව්‍ය ගැටලුව, කැළි කසල ගැටලුව, විවිධ වූ අපචාර , විසිරුණු පවුල් පසුබිම් සහිත මිනිසුන් සිටීම වැනි ගැටළු ප්‍රධාන වේ. සෑම ජන වර්ගයක්ම නියෝජනය වන පරිදි ප්‍රෙද්ශයේ ජනගහණය සමන්විත වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේද නිරතව හිදී. නමුත් නූගත් කම සහ මත්ද්‍රව්‍ය වැනි ගැටලු මෙන්ම පරිසර දූෂණය ප්‍රදේශය තුළ දිනෙන් දින වැඩි වෙමින් පවතී.මෙම තත්ත්වය බොල්ගොඩ ගඟ දෙපස බෙහෙවින් දැකිය හැකිය.මේ නිසා විවිධාකාර වූ පාරිසරික ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර ගඟ දෙපස පරිසරය සෝචනීය තත්ත්වයකට පත්ව ඇත. මේ සඳහා බලපාන හේතූන් රැසක් හඳුනා ගැනීමට හැකි අතර එම ගැටළු බොහෝමයක්ම මිනිසුන්ගේ නොදැනුවත් කම නිසා සිඳුවන බව නිරීක්ෂණය  මඟින් හෙළිවිය.
ප්‍රදේශයේ බහුලව සිදුකරන වඩු කර්මාන්තයෙන් නිපදවන කැලැ කසළ මෙන්ම නිවෙස් වලින් පිට කරන නොදිරන අපද්‍රව්‍ය බොල්ඟොඩ ගඟට හෝ ගං ඉවුරට බැහැර කිරීම නිසා ගඟේ ජලය මෙන්ම පරිසර පද්ධතියම දූෂණය වී ඇත.වර්ථමනෙය වන විට මෙම තත්ත්වය බෙහෙවින් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මොරටුව මහ නඟර සභාවෙන් කුණු වර්ග කර රැගෙන යාමත් සමගය. 
සම්පත් බවට පත් කර ගැනීමට හැකියාව පැවතියේ දීත් එසේ නොකිරීම හේතුකොට ගෙනකසළ පළාත් පාලන ආයතන වලට ගැටළුවක්ව පවතී.පසුව රය සමාජ ලැටළුවක් සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වේ.මෙය මිනමාටා ප්‍රාන්තයේ කොළොන්නාවේ බොරැපන වැනි සේ  ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවීම ඉදිරි දිනයන්හි නිතැතින්ම සිදුවිය හැක.එම නිසා තවදුරටත් කුණු කුණු වීමට ඉඩ නොදී පිළිසරැ තිළිණයක් ලෙස එනම් නැවත සරු තත්ත්වයට  පත් කළ හැක.

0 comments:

Post a Comment